top of page

How To Get Installed MT5 For Windows

දැන්,වින්ඩෝව්ස් (Windows) භාවිතා කරන අයගේ පද්ධති වලට MT5 Platform එක Install කරගන්නේ කොහොමද බලමු. META QUOTES කියන වෙබ් අඩවියට මුලින්ම යන්න.එම වෙබ් අඩවියේ ලින්ක් එම මම මෙතනින් සටහන් කරන්නම් ඔයාලට https://www.metaquotes.net/en මෙතනින් පිවිසෙන්නත් පුලුවන්.මෙම මෙටා කෝට්ස් (META QUOTES) කියන ආයතනය තමයි මුලූ ලෝකෙම අයට තනියෙම ට්‍රේඩ් කරන්න පුලුවන් වෙන්න මෘදුකාංගයක් නිර්මාණය කලේ.මේ දාලා තියෙන ලින්ක් එකෙන් අදාල මෘදුකාංගය භාගත කරගන්න, වෙබ් අඩවිය හරහා පුලුවන් වෙන්නේ  ඔයාගේ පරිඝණක (Computer,Laptop,Desktop,) වලට අතුලත් කරගන්න පමණයි .අප විසින් මෙහි සපයා ඇති ලින්ක් එක මගින් පිවිසෙන වෙබ් අඩවියේ රූපයක් පහතින් දැක්වේ.Download MetaTrader 5 for Windows  මත Click කිරීමෙන් අදාල Platform එක Download කරගත හැක​.

අදාල  Platform එක Download උනාට පසු Downloads වලට ගිහින් Download වුන File ය  Open කර Double Click කිරීමෙන් පසු MT5  Download  වීම පටන් ගනු ලැබේ. ඉන්පසු මෙතන පහලින් පෙනෙන ආකාරයේ  Window වක් Open වේ.මෙහි පහලින් පෙනෙන Window එකේ කොනේ සටහන්ව ඇති Next  Button එක මත Click කරන්න​.

Next  Button එක මත Click කිරීමෙන් පසු Download වෙන්න පටන් ගනු ලැබේ.ඉන්පසු මෙතන පහලින් පෙනෙන ආකාරයේ  Window වක් Open වේ.එහි ඉහලින්ම කොළ පාටින් බාර් එකක් ගමන් කරනු දැක ගත හැක​.එම කොල පාට බාර් එක සම්පූර්ණයෙන්ම පිරුණු පසු Download වීම අවසාන වනු ඇත​.

Download වීම අවසාන වූ පසු පහල ආකාරයෙන් දිස් වෙන Window වක් Open වේ.එම  Window එකේ පහලින් පෙන්වන Finish  Button එක උඩ Click කරන්න​.දැන් ඔබේ MT5 මෘදුකාංගය Download වී හමාරය​.

 ඔබේ MT5 මෘදුකාංගය Download වූ පසු Window වක් Open වේ.එම Open වන Window එකේ ඔබගේ වම් අත පෙත්තෙන් ඉහලින්ම File කියලා තැනක් සටහන් වී ඇත​.එම File ලෙස සටහන් වන තැන Click කරන්න​.File ලෙස සටහන් තැන Click කරාට පසු පොඩි Window එකක් එම ස්ථානයේ ම Open වේ.එම Window එකෙන් එකළොස් වන තැනට Open an Account කියලා තිබෙන තැන සොයාගෙන Open an Account  මත Click කරන්න​.Open an Account මත Click කිරීමෙන් පසු පහත දිස්වෙන ආකාරයේ  Window එකක් Open වේ.එහි නිල් පැහැයෙන් පෙන්වන තැන ලියවී ඇත්තේ MetaQuotes Ltd ලෙසයි.MetaQuotes Ltd මත Click කර   Next Button එක  මත Click කරන්න​.

WhatsApp Image 2025-12-22 at 4.54.00 PM.jpeg

Open an Account මත කිරීමෙන් පසු පහත දිස්වෙන ආකාරයේ  Window එකක් Open වේ.එහි නිල් පැහැයෙන් පෙන්වන තැන ලියවී ඇත්තේ MetaQuotes Ltd ලෙසයි.MetaQuotes Ltd මත කර  Click එක Next Button එක මත Click කරන්න​.

WhatsApp Image 2025-12-22 at 4.56.30 PM.jpeg

Open a demo account to trade virtual money without risk කියල තියෙන තැනට එකක් දාන්න​.මෙතන කියලා තියෙන්නේ කියන්නේ Demo පුහුණු ගිණුම් වන අතර,එහි ඇති ශේෂය විද්‍යුත් මුදල් ගනයට අයත් වන නිසා මුදල් තැන්පත් කිරීමකින් තොරව ආරක්‍ෂිතව Trade කළ හැකි බවයි.Demo ගිණුම් ඔබට කැමති වතාවක් කැමති මුදල් ප්‍රමණයකින් විවෘත කළ හැක​.Demo ගිණුම් සදහා සීමා කිරීම් නැත​.එම නිසා ඔබගේ දැනුම සම්පූර්ණ වෙන තෙක් කැමති කාලයක් පුහුණුවීම් වල නිරත විය හැක.
 

මන්ඳයත් සියලූම මාර්කට් වල (Profit and Loss) ලාභය සහ අලාභය යන දෙකම අඩංගු බැවින් නිසි පළපුරුද්දක් නොමැතිව Trade කිරීම අවදානම් බව කරුණාවෙන් සළකන්න​.මෙම සියලූම කරුණු දැනගත යුතු කරුණු බව කරුණාවෙන් සළකන්න​.අපිට වාහනයක් මිලදී ගත් සැනින් පාරේ ධාවනය කරන්න බැනේ.රියදුරු බලපත්‍ර ගන්න ඕනේ,වාහන ධාවනය පුරුදු වෙන්න ඕනේ වාහනේට ඉන්‍ෂූරන්ස් ගන්න ඕනේ.අන්න ඒ වගේ නිසි පුහුණුවකින් තොරව Forex Trade කරන එකත් Risk එකක්.
යම් කෙනෙකු ඔබට මෙහි ලාභය පමණක් පෙන්වා විශාල ලෙස මුදල් උපයන්න පුලුවන් උල්පතක් ලෙස පෙන්නනවානම් හෝ ලොකු ලාභ ලබාගත් ඡායාරූප පෙන්වා ඔබව නොමඟ යැවීමට උත්සාහ කරනවා  නම්,එම​ උත්සාහය ඔබව මුලා කිරීමට දරණ උත්සාහයකි.මෙහි ලාභ ලබා ගත හැකි නමුත් ලාභ ලබාගත හැක්කේ නිසි පුහුණුව සහ දැනුම මතයි.එම ලාභයන් සඳහා යෑමට හැකියාව ලැබෙන්නේ අලාභය සිදුවන අවස්ථා කළමණාකරනය කර ගැනීමෙනි.මේවාට අපි මාර්කට් එකේ භාෂාවෙන් Risk Management ලෙස හදුන්වනු ලැබේ.Risk Management ගැන විස්තර සහිතව ඉදිරියේදි වෙනමම  ඉගැන්වීමට බලාපොරොත්තු වෙනවා.අර කතාවක් අහල තියෙනවා නේද​?"දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ" කියලා.ඒ මුලින්ම අපි මූලික දැනුම සම්පූර්ණ කරලා ඉමු

එහි First name  මත ඔබගේ නමෙහි පලමු කොටස  Type කරන්න​.Second name යනු ඔබෙගේ නමෙහි දෙවන කොටසයි.එහි ඔබගේ නමෙහි දෙවන කොටස Type කරන්න​.Date of birth තැන ඔබගේ උපන් දිනය සටහන් කරන්න​.Mobile Phone ලෙස සටහන් තැන ඔබගේ දුරකතන අංකය Type කරන්න​,දුරකතන අංකය සටහන කරන විට ඔබගේ පදින්චි රටෙහි (Country Code) දුරකතන කෝඩය සමග කරන්න​. (උදා: +94) මේ අප රටෙහි (ශ්‍රී ලංකා) දුරකතන කෝඩය වේ.

bottom of page