top of page

දැන් ඔයාල හැමෝම වෙළඳපොලේ පටන් ගැන්ම දන්නවා.ඒ වගේම කුඩාවට පටන් අරන් විශාල වෙන වෙළඳපොල විහිදෙන ආකාරය සහ සෑම නිෂ්පාදනයකම මිල ඉහල පහල යාමට මුල් වන ප්‍රධාන හේතු දන්නවා.දැන් අපි පටන් ගමු මෙම මාර්කට් එකේ ට්‍රේඩ් කරන්නේ කොහොමද​?ට්‍රේඩ් කරන්න තියෙන ආයතන මොනවද?එයාල සපයන සේවාවන් මොනවද කියලා.


ට්‍රේඩ් කරන්න මුලින්ම ඔයාලට මම කියන මේ මෘදුකාංගය INSTALL කරගන්න​.මේ SOFTWEAR එකේ නම META TRADER.මෙම SOFTWEAR එකේ මොන PLATFORM එකද ඔයාට ට්‍රේඩ් කරන්න ඕනේ කියලා ඔයා තීරණය කරන්න​.මේකේ PLATFORM දෙකක්  තියෙනවා එකක් META TRADER 4, අනිත් එක META TRADER 5.මේකෙ අලුත් VERSION එක තමයි META TRADER 5.මේ දෙකෙන් ඔයාට හිතෙන එක තෝරගන්න.ඊට පස්සේ ඔයා ට්‍රේඩ් කරන්න කැමති ආයනයත් ඔයාම තෝරගන්න​.සමහර ආයතන තියෙනවා එයාලා දෙන්නේ එක PLATFORM එකක් විතරයි ට්‍රේඩ් කරන්න​.එහෙම ආයතනවල එයාලා දීලා තියෙන PLATFORM එක ට්‍රේඩ් කිරීම සඳහා භාවිතා කරන්න​.හේතුව මෙම PLATFORM දෙකම එක හා සමානයි ඉතා සුලු වෙනස්කම් පමණයි සිදු කරල තියෙන්නේ අනිත් PLATFORM එකට වඩා වෙනස් වෙන්න.ඒ නිසා ට්‍රේඩ් කිරීමේදී අපහසුතා වලට මුහුණ දීමට සිදු නොවේ.

META QUOTES කියන වෙබ් අඩවියට මුලින්ම යන්න ඕනෙ.එම වෙබ් අඩවියේ ලින්ක් එම මම මෙතනින් සටහන් කරන්නම් ඔයාලට https://www.metaquotes.net/en මෙතනින් පිවිසෙන්නත් පුලුවන්.මෙම මෙටා කෝට්ස් (META QUOTES) කියන ආයතන තමයි මුලූ ලෝකෙම අයට තනියෙම ට්‍රේඩ් කරන්න පුලුවන් වෙන්න මෘදුකාංගයක් නිර්මාණය කලේ.මේ දාලා තියෙන ලින්ක් එකෙන් අදාල මෘදුකාංගය භාගත කරගන්න, වෙබ් අඩවිය හරහා පුලුවන් වෙන්නේ  ඔයාගේ පරිඝණක වලට අතුලත් කරගන්න පමණයි .ජංගම දුරකතන භාවිතා කරන අයට පුලුවන් වෙන්නේ PLAY STORE එකට ගිහින් භාගත කර ගැනීම සිදු කරන්න​යි.PLAY STORE එකට ගිහින් META TRADER ලෙස සටහන් කරන විටම පහලින් META TRADER 4 සහ META TRADER 5 ලෙස ඇප් දෙකක් පෙනෙන්න පටන් ගන්නවා.එම ඇප් දෙකෙන් ඔබට කැමති ඇප් එක INSTALL කරගන්න​.

PLAY STORE එකේ හෝ වෙබ් අඩවියේ META TRADER 4 පෙන්වන්නේ නැත්තම් ට්‍රේඩ් කරන්න META TRADER  ඇප් එක INSTALL කරගන්න​.META TRADER 4  පරණ ඇප් එක නිසා වරතමානයේ ඇප් එක වෙන්නෙ META TRADER 5.ඉදිරියේදී META TRADER 4 ඇප් එක සම්පූර්ණයෙන් විසන්දි වෙන්න පුලුවන්, ඒකට හේතුව අලුත් UPDATED ඇප් එක META TRADER 5 තියෙන නිසා.මෙම ඇප් කාලයත් එක්ක UPDATE වෙනවා එය විශාල ලෙස සැළකිය යුතු කරුණක් නොවේ.දැන් අපි ඉදිරි පියවරයන් ගැන විමසා බලමු.


 

bottom of page