
මේ වෙළඳපොලට කියන ප්‍රසිද්ධ නම තමා ෆොරෙක්ස් වෙළඳපොල,එතකොට මේ වෙළඳපොල හදුන්වන තව කෙටි නමක් තියෙනවා.ඒ තමා එෆ් එක්ස්, මාර්කට්ස් ( FX MARKETS) කියලා.මේ වචනෙ සම්පූර්ණ නම වෙන්නෙ (foreign currency exchange market ) විදේශ විනිමය වෙළඳපොල කියලා.
මේ වෙළඳපොල ඉතාමත් වේගයෙන් ගමන් කරනු ලැබේ.මෙහි ඇත්තේ ලෝකෙ ප්‍රසිද්ධ ද්‍රව්‍ය වේ.එනම් ලෝකයේ ප්‍රාධානම පෙලේ තිබෙන මුදල් ඒකක සහ ලෝකයේ ප්‍රසිද්ධ ආයතන සහ අපි දෛනික පරිහරණයට ගන්න ප්‍රධාන ද්‍රව්‍යය වේ.මෙම ද්‍රව්‍ය වෙන වෙනම නම් කොට ඇත.එනම්,
ප්‍රාධානම පෙලේ තිබෙන මුදල් ඒකක = USD,(ඇමෙරිකානු ඩොලරය) EUR,(යූරෝ) GBP,(ග්‍රේට් බ්‍රිතාන්‍යය පවුන්ඩ්) JPY,(ජැපනීස් යෙන්)
ලෝකයේ ප්‍රසිද්ධ ආයතන =AMAZON, APPLE, GOOGLE, TESLA
දෛනික පරිහරණයට ගන්න ප්‍රධාන ද්‍රව්‍යය= CRUDE OIL, BRENT OIL, GOLD, SILVER
ඉහතින් සඳහන් කරපු සියල්ලූම වර්ග වල අපිට මිලදී ගන්න තියෙන්නේ යම් කිසි කොටස් ප්‍රමාණයක්.ඉහත සඳහන් කරපු හැම වර්ගයකටම වෙන වෙනම වෙනස් වූ මිල දර්ශක වලින් මිලදී ගැනීමට නිකුත් කරල තියෙනවා.මම කලින් සඳහන් කලා ඉල්ලුම හා සැපයුම අනුව හැම භාණ්ඩයකටම වෙළඳපොලෙන් මිලදී ගන්න මිලක් නියම වෙනවා කියලා.ඒක මම කියල දුන්නේ ඉතාම සරලව අපේ රට තුල වූ සිදුවීම් උදාහරණයට අරගෙනයි.එතකොට මේ වෙළඳපොල තුල තියෙන සියලූම භාණ්ඩ වලට මිල නියම කරන බැංකු මේ ලෝකේ තියෙනවා ඒ බැංකු හරහා තමයි ෆොරෙක්ස් මාර්කට් එකේ තියෙන භාණ්ඩ වලට මිල නියම කරලා මාර්කට් එකට මුදා හරින්නේ.මේ බැංකු වලට කියන නම තමා ද්‍රවශීලතාවය සපයන බැංකු (Liquidity Provider bank)ලෙසයි නම කරල තියෙන්නේ.මෙවැනි බැංකු බොහෝමයක් ලෝකයේ පවතිනවා.
එතකොට මේ බැංකු වලින් නියම කරන මිල සටහන් වෙන්නේ අංක වලින්, එනම්, වර්ථමාන වෙලඳපොල ක්‍රියාකාරීත්වයන් අනුව මිල දර්ශක වලින් දශමස්ථාන සමග සටහන් වෙනවා.අපි උදාහරණයක් ලෙස වර්ථමාන විනිමය අනුපාත ගැන විමසා බැලුවොත්,අද ඩොලර් 1 ක් ශ්‍රි ලංකා රුපියල් වලින් රු:303.50 ක මිලක් දරනවා.එතකොට මේ පවතින මිල අපේ රටේ ඇමෙරිකානු ඩොලර් රක්‍ෂිත ප්‍රමාණ අනුව සහ අප රටේ අපේ රුපියලේ සාක්‍ෂරතාවය මත මෙම පවතින වර්ථමාන මිල ඉහල පහල යනු ලැබේ.මේ සිදුවීම තමා මේ මාර්කට් එක තුල තියෙන සියලූම වරගයේ නිෂ්පාදන වල පවතින මිලට බලපාන්නේ.
මෙහි වූ සියලූම නිෂ්පාදන වල මිල ඉහල පහල යෑමට ලෝකයේ ප්‍රධාන වශයෙන් සිදුවෙන සිදුවීම් විශාල ලෙස බලපානු ඇත.මෙම මාර්කට් එකට ලෝකයේ දේශපලනික,ආර්ථිකමය,කාළගුණිකමය,යුධමය තත්ව යන සියලූම ආකාරයේ සිදුවීම් බලපානු ඇත.මෙම සිදුවීම් මත සියලූම නිෂ්පාදන වල මිල ඉහල සහ පහළ යනු ලැබේ.
මෙම වෙළඳපොළ, සෑම මුදල් ඒකකයක් සඳහාම විදේශ විනිමය අනුපාත තීරණය කරයි. වෙළඳ පරිමාව අනුව, එය ලෝකයේ විශාලතම වෙළඳපොළ වන අතර,මෙම විදේශ විනිමය වෙළෙඳපොළ ලෝකයේ විශාලම ද්‍රවශීලි මූල්‍ය වෙළෙඳපොළ වේ.මෙම වෙළඳපොලෙහි ගනුදෙනු කරනු ලබන්නේ,රජයන් සහ මහ බැංකු, වාණිජ බැංකු, අනෙකුත් ආයතනික ආයෝජකයින් සහ මූල්‍ය ආයතන, මුදල් සමපේක්‍ෂකයින්, අනෙකුත් වාණිජ සංස්ථා සහ පුද්ගලයින් වේ.
ජාත්‍යන්තර බේරුම්කරණ බැංකුව විසින් සම්බන්ධීකරණය කරන ලද 2019 ත්‍රිවාර්‍ෂික මහ බැංකු සමීක්‍ෂණයට අනුව, 2022 අප්‍රේල් මාසයේදී සාමාන්‍ය දෛනික පිරිවැටුම ඩොලර් ට්‍රිලියන 7.5 ක් විය (2004 දී ඩොලර් ට්‍රිලියන 1.9 ට සාපේක්‍ෂව). මෙම ඩොලර් ට්‍රිලියන 6.6 න් ඩොලර් ට්‍රිලියන 2.1 ක් ස්ථානීය ගනුදෙනු (SPOT TRADING ) වූ අතර ඩොලර් ට්‍රිලියන 5.4 ක් විනිමය සහ අනෙකුත් විද්‍යුත්පන්න වල වෙළඳාම් (TRADING) කරන ලද බව සටහන් වී ඇත.විනිමය සහ අනෙකුත් විද්‍යුත්පන්න වල ලෙස හදුන්වනු ලබන්නේ FOREX සහ CRYPTO වල TRADE කිරීමයි.