වෙළඳපොල යනු කුමක්ද?(What Is The Market)
වෙළඳපොල යනු ඉතාමත් සුලුවෙන් පටන් අරගෙන විශාලව විහිදෙන දෙයක්,මම කැමති ඔයාලා හැමෝටම තේරන විදියට ඉතාමත් සරලව කියල දෙන්න.
අපි හැමෝම දන්නව, අපි දිනපතා අවශ්‍යය කරන ද්‍රව්‍යය මිලදී ගන්න යන සුපර් මාර්කට් සහ එළවලු මිලදී ගන්න යන වෙළඳපොලවල් (මර්කට්ස්) ගැන.මම කිව්වෙ ලේසි භාශාවෙන්,නැත්තම් කියන්න ඕනේ සති පොළට යනවා කියලා.කොහොම කොයි විදියට කිවවත් මේ ඔක්කොම වෙළඳපොලවල් (මාර්කට්ස්) වලට වැටෙන්නේ.
එතකොට අපි එළවලු මාර්කට් එකට ගිහින් එළවලු ගන්නවා,සිල්ලර කඩේට හෝ සුපර් මාර්කට් ගිහින් අනිත් අවශ්‍යය ද්‍රව්‍යය මිලදී ගන්නවා,මෙසේ මිලදී ගන්න විට හැම ද්‍රව්‍යයකම ගැනුම් මිලක් සටහන වෙනවා.මේ මිල වෙලඳපොලට නිකුත් වෙන්නේ අදාල ද්‍රව්‍යය නිපදවීමට වැය වෙච්ච මුදල,ශ්‍රමය, සහ විකිනීමෙන් පසු ලැබෙන ලාභය යන අංග එකතුවයි.මෙම සියලු අංග එකතුව වෙළඳපොලට මුදා හරින ද්‍රව්‍යය වල ගැනුම් මිල වෙනස් වෙන අවස්ථා තිබේ.එම අවස්ථා වන්නේ ඉල්ලුමට අදාල සැපයුම අඩු වූ විට වෙලඳපොල මිල ඉහල යනු ලැබේ.එමෙන්ම ඉල්ලුමට අදාල සැපයුම වැඩි වෙන විට වෙලඳපොල මිල පහල බසිනු ලැබේ.
උදා:- අපි දෛනික පරිභෝජනයට ගන්න දෙයක් උදාහරණයක් වශයෙන් ගමු.එනම් අපි දෛනික පරිභෝජනයට තක්කාලි,ළුූණු,සුදු ළුූණු,එළවලු අනිවාර්‍යෙන් මිලදී ගන්නවා.ඒ අතර විශාල ජල ගැලමක් හට ගෙන රටතුල වූ වගාවන් බොහෝමයකට හානි සිදුවෙනවා .මේ වගේ අවස්ථාවක වෙළඳපොල එළවලු මිල ඉහල නගිනු ලබනවා.මෙම සිදුවීමට අපි හැමෝම මුහුණ පාලා තියෙනවා.මෙම අවස්ථාව හදුන්වන්නේ,ඉල්ලුමට අදාල සැපයුම අඩු වූ විට වෙලඳපොල මිල ඉහල යනුවෙනි.
මේ අවස්ථාවේ විරුද්ධ පැත්ත සිදු වූ විට වෙළඳපොල මිල පහල බසිනු ලැබේ.එවැනි අවස්ථා වන්නේ,මුලු රටතුල එකම වර්ගයේ වගාවන් වැඩි වශයෙන් අස්වැන්න ලැබූ අවස්ථාවන් වල,එසේත් නැතිනම් එකම නිෂ්පාදන නොයෙක් කර්මාන්ත මගින් නිපදවීම නිසා වෙළඳපොලට අවශ්‍ය ප්‍රමාණයට වඩා එම නිෂ්පාදන වැඩි වීමෙන් සිදු වන්නේ ඉල්ලුමට වඩා වැඩියෙන් සැපයුම ලැබීමයි.මෙවැනි අවස්ථාවන් වල සිදු වන්නේ වෙළඳපොල මිල පහල බැසීමයි.
දැන් ඔබ හොදින් වටහාගෙන ඇති වෙළඳපොල යනු කුමක්ද යන්න,අපේ දෛනික ජීවිතය සහ,කාළගුණික විපර්‍යාස,ලෝක යුධමය තත්වයන් අනුව වෙළඳපොල මිල ඉහල පහල බැසීම් සිදු වෙනවා.
මේ වෙළදපොලේ බඩු මිලදී ගැනීම සහ විකිණීම අපි නිතර සිදු කරනවා, හේතුව ජීවත් වෙන්න කරන්න වෙනවා.එතකොට ඔයලා දන්නවද?මේ වෙළඳපලේ තිබෙන දේවල් වලින්ම අපිට ගෙදර ඉදන්ම මුදල් හොයන්න පුලුවන් කියලා?
ඒ අපි එලියෙන් මිලදී ගන්න දේවල් වලින්ම අපිට උපයන්නත් පුලුවන්.ඒක කරන්නේ කොහොමද කියන එකයි මන් කියල දෙන්න යන්නේ.
මේකත් වෙළඳපොලක්,එතකොට මේ වෙළඳපොලේ පටන් ගැන්ම සිදු වෙන්නේ කොටස් වෙළඳපොලෙන්.මේ කොටස් වෙළඳපොලවල් ලොකේ හැම රටකටම තියෙනවා ඒ ඒ රටවල් වල තියෙන නිෂ්පාදන අනුව.ඒ වගේම අපේ රටටත් තියෙනවා කොටස් වෙළඳපොලක්.මේ වෙළඳපොලේ අපි දෛනික ජීවිතේ පවිච්චි කරන දේවල් තියෙනවා යම් කිසි කොටසක් ලෙස මිලදී ගන්න.ඒ කියන්නේ ඔයා ඇදුම් පැළදුම් ගන්නේ ඔඩෙල් එකෙන් කියලා,නමුත් ඔයා මේකෙදි කරන්නේ ඔඩෙල් කියන නාමයට අදාල ආයනතයේ වටිනාකමට අනුව මාර්කට් එකට මුදාහැරලා තියෙන අගය අනුව,යම් කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමයි. මෙහිදී මෙම මිලදී ගැනීම් ඔබට ලාභයක් වෙන්නේ ඔබ මිලදී ගත් අවස්ථාවේ ඔබ මිලදී ගත් කොටස් වල මිල,ඔබ විසින් මිලදී ගත් මුදලට වඩා වැඩි වූ විටයි.ඒමෙන්ම මෙම වෙළඳපල ලාභය ලැබීම සඳහා වැඩි කාලසීමාවලක් බලන් සිටීමට වේ.(මෙම මිලදී ගැනීම් සිදු වෙන්නේ රජයේ බලයලත් ආයතන වලින්.)
එම නිසා විනාඩි කිහිපයකින් ලාභයක් කරා යෑමට හැකි වෙළඳපොලක් ගැන කියල දෙන්නයි හදන්නේ.මම මේ ගැන කියල දුන්න කියලා ඔයාලගෙ කොටස් වෙළඳපොලට මුදල් දාලා තියෙනවනම්,ඒක වැඩක් නෑ කියල මන් කොහෙත්ම කියන්න උත්සාහ කරලා නෑ.ඒ නිසා මන් මේ කියලා දෙන්න හදන දේ වැරදියට තේරුම් ගැන්න එපා.
මන් මෙච්චර ලියලා ලියලා දාලා තියෙන දේවල් මේ වෙද්දි හොදටම දන්න අයත් ලක්ශ ගනන් වලින් ඉනන්වා කියලත් මන් දන්නවා.ඵළපුරුදු ඇති අයටනම් මේ දෙවල් වෙදගත් නෑ.ඔයාලට මේ තොරතුරු ස්කිප් කරන්න පුලුවන්.
දැන් අපි කතා කර කර හිටපු දේට නැවත යමු,
මම කියන්න ගියේ විනාඩි කිහිපයක් ඇතුලත ලාභ ලබා ගත හැකි වෙළඳපොලක් ගැන.මොකද්ද මේ වෙළඳපොල?