top of page

Meta Quotes

දැන්, ඔයාලා හැමෝම දන්නවා මෙටා කෝට්ස් ආයතනය කියන්නේ මොකද්ද? එම (Software) ආයතනයෙන් මොකද්ද වෙන්නේ සහ මෙම ආයතනය විසින් කරන්නේ මොනවද කියලා.මෙටා කෝට්ස් ආයතනයෙන් Trade කරන්න නිපදවා තියෙන Software එකේ නම තමා "Meta Trader 5 " ( "මෙටා ට්‍රේඩර 5 ")කියන්නේ.

දැන්, META QUOTES කියන වෙබ් අඩවියට මුලින්ම යන්න.එම වෙබ් අඩවියේ ලින්ක් එම මම මෙතනින් සටහන් කරන්නම් ඔයාලට https://www.metaquotes.net/en මෙතනින් පිවිසෙන්නත් පුලුවන්.මෙම මෙටා කෝට්ස් (META QUOTES) කියන ආයතන තමයි මුලූ ලෝකෙම අයට තනියෙම ට්‍රේඩ් කරන්න පුලුවන් වෙන්න මෘදුකාංගයක් නිර්මාණය කලේ.මේ දාලා තියෙන ලින්ක් එකෙන් අදාල මෘදුකාංගය භාගත කරගන්න, වෙබ් අඩවිය හරහා පුලුවන් වෙන්නේ  ඔයාගේ පරිඝණක (Computer,Laptop,Desktop,) වලට අතුලත් කරගන්න පමණයි .

මුලින්ම ජංගම දුරකථනයට භාගත කර ගන්න ආකාරය කියලා දෙන්නම්.ජංගම දුරකතන භාවිතා කරන අයට පුලුවන් වෙන්නේ PLAY STORE එකට ගිහින් භාගත කර ගැනීම සිදු කරන්න​යි.


How To Install MT5 (කොහොමද MT5 ස්ථාපනය කරගන්නේ ?)

1

ඔයාගේ  Phone  එක Android Phone එකක් නම් මුලින්ම යන්න Play Store එකට​.Play Store එකේ  Search Bar එකට ගිහින්  Type කරන්න MetaTrader 5 කියලා.අංක 1 රූප රාමුව බලන්න​.

Type කරගෙන යද්දිම පහලින් එනවා Meta Trader 5 කියලා . ඒක Click කරගන්න​.ඊට පස්සේ ඒක Installed කරගන්න​.​

Installed කරගත් Meta Trader 5 App එක මෙම රූප රාමුවේ ඇති ආකාරයට පෙන්නයි.අංක 2 රූප රාමුව බලන්න​.මෙහි Meta trader 5 ලෙස සටහන් වන තැන Open කියලා තියෙන බටනය  Click කරන්න​.
Installed කරගත් පසු MT5 App එක පහත දිස්වන ආකාරයෙන්  පෙන්වනු ලැබේ.අංක 3
 රූප රාමුව බලන්න​.

WhatsApp Image 2025-12-09 at 2.51.44 PM.jpeg

3

2

4

Meta Trader 5 App  එක මත Click කරන්න​.ඉන් පසු මෙහි දිස් වෙන ආකරයේ  Window එකක් Open වෙනවා.අංක 4 රූප රාමුව බලන්න​.ඉන්පසු මෙම තිරයේ දිස් වෙන ( + )  ලකුණ Click කරන්න​.

) ලකුණ Click කරාට පසු පහතින් දිස් වෙන පින්තූරය දෙස බලන්න​.අංක 5 රූප රාමුව බලන්න.එම පින්තූරයේ දිස් වෙන Find broker තැනට MetaQuotes නම​ Type කරන්න​.මුල් අකුරු කිහිපය Type කරගෙන යනකොටම Find broker තීරුව යටින් MetaQuotes Ltd. ලෙස ස්වයංක්‍රීයව පෙන්නන්න පටන් ගන්නවා.එම MetaQuotes Ltd. මත Click කරන්න​.

6

5

MetaQuotes Ltd. මත Click කිරීමෙන් පසු ඔබගේ වම් අත දෙසට යොමු කර ඇති අංක 6 රූප රාමුව බලන්න.ඔබගේ වම් අත දෙසට යොමු කර ඇති අංක 6 රූප රමුවේ දිස්වෙන පින්තූරය ඉහලින්ම බලන්න.Open a demo account ලෙස සටහන්ව ඇති තැනක් තිබේ.එම Open a demo account මත Click කරන්න.ඉන්පසු පහතට යොමුකර ඇති ඊතලය දෙසට යොමු වෙන්න.

අංක 7 රූප රාමුව බලන්න.Open a demo account මත Click කල පසු Open a demo account යටතේ විවෘත වෙන පිටුවෙහි පින්තූරයක් ඔබගේ දකුණු අත දෙසට වූ ඊතලය මගින් පෙන්වා ඇත​.ඔබගේ දකුණු අත දෙසට යොමු කර ඇති ඊතලයෙන් දිස්වෙන පින්තූරය දෙසට යොමු වෙන්න​.එහි First name මත ඔබගේ නමෙහි පලමු කොටස Type කරන්න​.Second name යනු ඔබෙගේ නමෙහි දෙවන කොටසයි.එහි ඔබගේ නමෙහි දෙවන කොටස Type කරන්න​.Date of birth තැන ඔබගේ උපන් දිනය සටහන් කරන්න​.Phone ලෙස සටහන් තැන ඔබගේ දුරකතන අංකය Type කරන්න​,දුරකතන අංකය සටහන කරන විට ඔබගේ පදින්චි රටෙහි (Country Code) දුරකතන කෝඩය සමග කරන්න​.

7

එනම් ඔබගේ දුරකතන අංකය සමග මුලින්ම  +94 යොදන්න​. +94 යනු අප රටේ (Country Code) වේ.ඉන්පසු ඔබගේ E-Mail Address එක Type කරන්න​.ඉන්පසු ACCOUNT INFORMATION යටතේ තිබෙන Use hedge in trading, Server, සහ Account  type  යන ස්ථාන වල කිසිම ආකාරයක දෙයක් ඔබට පුරවන්න නැත​.එම ස්ථාන ස්වයංක්‍රීයව පිරවී ඇත​.වෙනස් කම් කිරීමට අවශ්‍යය නැත​.ඉන්පසු ඔබ විසින් වෙනස් කිරීමට ඇත්තේ  Leverage සහ Deposit යන ස්ථාන දෙක පමණයි.

8

අංක 8 රූප රාමුව බලන්න.Leverage  ලෙස සටහන් කර ඇති ස්ථානය  මත Click කරන්න​.Click කළ සැනින් මෙම 8 වෙනි රූප රාමුවේ දිස් වෙන පරිදි අලුත් Window එකක් Click කළ තැනින්  ඉහලට Open වේ.එහි
1 : 1
1 : 3
1 : 5
1 : 10
1 :  15

1 : 25
1 : 33
1 : 50
1 : 500
1 : 200
1 : 300  
                ලෙස Leverage  (ලීවරණ) සටහන් වේ.මෙම Leverage (ලීවරණ) වලින් 1: 500 ලෙස සටහන් වන Leverage ​ (ලීවරණය) තෝරා එය මත Click කරන්න​.1 : 500 ලෙස සටහන්  Leverage (ලීවරණය ) තමා Trade කිරීමට ඉතාමත් සුදුසු Leverage (ලීවරණය) වෙන්නේ.

එය එසේ වෙන්නේ කොහොමද කියලා ඉදිරියේදි කියලා දෙන්නම්.මේ සියල්ල කියලා දුන්නා වගේ තවත් ඉදිරියට ඉගෙන ගන්න දේවල් තියෙනවා මේ පටන් ගැන්ම පමණයි.මේ Platform එකේ සටහන් වන සියලූම අංගයන් දීලා තියෙන්නේ ඇයි?ඒවායෙන් මොනවද වෙන්නේ යන සියලූම දේ ඉදිරියේදි කියලා දෙන්නම්.

අංක 9 රූප රාමුව බලන්න.Leverage එක තෝරගත්තාට පස්සේ Deposit කියලා තිබෙන ස්ථානය මත Click කරන්න​..Click කළ සැනින් මෙම 9 වෙනි රූප රාමුවේ දිස් වෙන පරිදි අලුත් Window එකක් Click කළ තැනින්  ඉහලට Open වේ.එහි,තිබෙන වටිනාකම් වලින් 3000 ලෙස සටහන් වන වටිනාකම තෝරගන්න​.මේ වටිනාකම් දිස් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් වලින්‍ ය​.​මෙහි ස්වයංක්‍රීයව දිස් වන මුදල් Virtual Money ලෙස හදුන්වනු ලැබේ.Deposit මුදල යනු අපි විසින් ලබා ගන්නා ලද මුදල් ප්‍රමාණයයි.Deposit යනු ගිණුමෙහි Balance එක වේ.එනම් අපි විසින් Trade කිරීමට භාවිතා කරන ඩෙමෝ ගිණුමෙහි ශේෂය (Account Balance) එක වේ.මෙම මුදල් භාවිතා කර කොටස් (Lots) මිලදී ගැනිම සිදු කල හැක​.පුහුණු ගිණුමක (Demo Account)  Trade කරනවා ලෙස හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි.මෙම පුහුණු  ගිණුම් (Demo Account)  මාර්ගයෙන් Trade කරන්නේ කොහොමද​?ලාභ (Profit) ලබන්නේ කොහොමද යන්න සජීවී අත්දැකීම ලබා ගැනීමට අනිවාර්‍යෙන් භාවිතා කරනු ලැබේ.

9

පුහුණුවකින් තොර කිසිමදාක සජීවි ගිණුම් (Live Accounts) වල මුදල් ගනුදෙනු කරනු නොලැබේ.මන්දයත්,Demo ගිණුමෙන්  සජීවී වෙලදපොල තුල සිදුවන සියලූම දේ අත්දැකීමෙන් ලබා ගත හැකි නිසාය​.

10

Deposit මුදල 3000 ලෙස තෝරගත් පසු,අංක  10 රූප රාමුව බලන්න​.උදාහරණයක් ලෙස PERSONAL INFORMATION යටතේ ඇති සියලූම ස්ථාන වල අප අයතනයේ තොරතුරු පුරවා ඇත​.​මෙම 10 වන රූප රාමුවේ දිස් වන පරිදි PERSONAL INFORMATION යටතේ ඇති සියලූම ස්ථාන වල ඔබගේ පුද්ගලික තොරතුරු පුරවා ඉවර කල පසු ACCOUNT INFOMATION යටතේ ඇති සියලූම ස්ථාන වල අංක  10 රූප රාමුවේ ඇති ආකාරයට පිරවී තිබිය යුතුබව මතක තබා ගන්න​.සියලූම ස්ථාන නිවැදිව පුරවා ඇත්දැයි පරික්‍ෂා කර බැලීමෙන් අනතුරුව Register ලෙස සටහන්ව ඇති ස්ථානය මත Click කරන්න​.

bottom of page